Tuesday, December 20, 2011
අසරණ වූ සොල්දාදුවෙක්
කාලෙකට පස්සෙ ආයෙ බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලබුනා.අද මම ලියන්නෙ මෑතකදී මගේ හිත ගොඩාක් සසල කරපු සිද්දියක්.මේක මට ලියන්න හිතුනෙ ලියන්නාගෙ බ්ලොග් එකේ තිබුන ලිපියක් දැකලා.
මේක උනේ මම A/Lවලට ගාලු පන්ති යන දවස් වල.අපට හැමදාම පන්තිය ඇරෙන්නෙ හවස 4.00ට.ඉතින් හෙමදාම සෙට් වෙන්නෙ ඔෆිස් බස් එක තමයි.ඔයාලට ඉතින් ඔෆිස් බස් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.බස් එකේ හැම ශීට් එකක්ම කලින් බුක් කරපුව තමයි.වැරදිලාවත් වාඩි වුනොත් වාඩිවුනාට වඩා ඉක්මනට නැගිටින්න වෙනවා.
කොහොමහරි මමයි අපේ සෙට් එකයි එදා ඉස්සරහ දොරින් ඇතුලුවෙලා යන්තමට ඉඩක් පදාගෙන පොඩි කයියක් දාගෙන හිටියා.රත්ගම හරියෙන් බස් එකට නැග්ගා ගැබ්බර කාන්තාවක්. ඒ ගෑනුකෙනා බස් එකට නගිනවත් එක්කම බස් එකේ ඉස්සරහ ශීට් වල ඉදපු හුඟදෙනෙක්ට නින්ද යන්න පටන් ගත්තා.සමහරු ලොකු කතාවක්.කවුරුවත් ශීට් එකක් දෙන පාටක් නම් නෑ.බැරිම තැන කොන්දොස්තර මහත්තයා කෑගහල කිව්වා "කවුරුහරි මේ අම්මට ශීට් එකක් දෙන්න කියල." එතකොට ටිකක් පස්සෙන් කෙනෙක් නැගිටලා ශිට් එකක් දුන්නනා අපේ කට්ටිය ඉතින් ඔෆිස් ජනතාවගේ ගුණ වර්නනා කරනවා.
බස් එක ටික දුරක් ඔහොමම අවා.එත් එකපාරටම බස් එකේ මැද හරියෙන් කෙල්ලෙක් තව කාට හරි හයියෙන් බනින සද්දයක් අවා.කෙල්ල සද්දෙටම බනිනවා "තියන වනචරකම.තමුසෙල පිරිමිද ඕයි! අමාරුවක් තියනවනම් වෙනතැනකට යනවා බස් වල ඕව කරන්නෙ නැතුව" ඔය විදියට මහ හයියෙන් බනිනව.මට ක්ශනිකව මීටර් වුනා මොකක් නමුත් මුක්කු ගහපු සීන් එකක් කියලා.බස් එකම දැන් මාර කලබලේ.කෝකටත් කියලා මමත් ඔලුව දාල බැලුවා.දැන් ඒ කෙල්ලගෙ සපෝට් එකට බස් එකේ ආපු ඔෆිස් අයියලත් සෙට්වෙලා."මොකක්ද නංගි ප්‍රශ්නෙ? "කියල ලොක්කො වගේ අහනවා.කෙල්ලත් නිකන් ඒකිව කවුරුහරි දූශනය කරල වගේ "බලන්නකො අය්යේ මේ මිනිහා මගේ අඟේ කකුල ගෑව්වනේ.ඒ මදිවට ම්ගේ අඟටත් බරවෙලා.තියන වනචරකමනේකෙල්ල කියාගෙන යනවා.." වැඩේ කරයි කියන පොරත් බිම බලාගෙන ඉන්නවා.මිනිහ අඬන්න වගේ.මිනිහ නිකන් සොකඩය වගේ හිටපු නිසාද කොහේ අපේ ඔෆිස් අයිය කෙනෙක් පොරවගේ නැගිටල ඇවිල්ලා තොපි වගේ වන්චරයො තමයි අපිව කන්නෙ කියලා සිංහ නාද කරලා එකපාරටම අර මනුස්සයගෙ කොලර් එකෙන් අල්ලලා තල්ලු කරා.මේ වෙනකොට බස් එකෙ ගොඩක්ම සෙනග හිටියෙ නෑ.ඒ මනුස්සය තල්ලු කරපු පාර බැලැන්ස් නැතුව ගිහිල්ල බස් එකේ ඇදගෙන වැටුනා.වැටෙනකොටම මිනිහගෙ ඔලුවයි කකුලයි ශීට් එකක ගොඩක් තදින් වැදුනා.අපටත් කරන දෙයන් නෑ.වැටුන විතරයි අර මනුස්සයා කකුල අල්ලගෙන හුගක් වෙදනාවෙන් කෑගහුවා.කෑගහුව නෙවෙයි මට හිතෙන්නෙ කෑගහුනා වේදනාවට.බස් එකේ කට්ටිය බයවෙලා වගේ බලාගෙන ඉන්නවා.
ඒ අස්සෙ ඔෆිස් අයිය තව හයියෙන් කෑ ගහනවා.මිනිහ ආයෙත් ඒ මිනිහට ගහන්න යනවා.මේ වෙලාවට මටත් නිකන ඉන්න බැරි නිසා අපේ සෙට් එකත් එක්ක බස් එක මැද්දට පැනලා ඔෆිස් කාරයාව අල්ලගත්තා.මොන වැරද්ද කරත් වැටුන මිනහෙක්ට ගහන්න දෙන එක අපිටත් ලැජ්ජයිනේ.මම ක්ශනික පැනලා වටුන කෙනාව අතදීල නැගිට්ටුවා.මිනිහට නැගිටින්න බෑ.මොනව උනත් මට තව කොල්ලෙකුත් හෙල්ප් කරා වැඩේට.ඒ අස්සෙ අපේ ඔෆිස් අයිය කියනවා."තමුසෙ අබ්බගාතයක්ද ඕයි !තමුසෙලට කරන්න හොඳයි ගුටිකනොකොට හරි අමාරුයි .බොරු කරන්න එපා ඕයි .ඕක ඔය බොරු කරන්නෙ"මිනිහ කියවගෙන යනවා.
අර මනුස්ස්යා වාඩිකරා විතරයි මිනිහගෙ ඇස්වල කඳුලු පිරිලා.මිනිහගෙ මූනෙන් නම් වනචරයෙක්ක් කියල කියන්න බෑ.මිනිහ කලිසම් කකුල නවාගෙන ගියා.එතකොට තමයි මට වැඩේ තේරුනේ.ඒ අය්යගෙ එක කකුලක් නෑ.පව් අසරනයා.බස් එකේ කට්ටියටම කට උත්තර නෑ.කෑ ගහපු පොර කට ඇරගෙන බලා ගෙන ඉන්නවා.ඒ අයිය එයාගෙ බොරු කකුල ගැලෙව්වා.වැටිච්ච පාරට කකුලෙ තුවාලෙ පෑරිලා.ලේ එනවා.මල්ලි මට අර බෑග් එක අරන් දෙනවද?කියල මගෙන් අහුවා.එතකොට තමයි මම පියවි සිහියට ආවෙ.මම බෑග් එක අරන් දුන්නා.එයා බැන්ඩේජ් වගයක් අරගෙන කකුලෙ ඔතා ගත්ත,ඒ මදිවට ඔලුවෙනුත් ලේ එනවා.අපේ කට්ටිය ක්ශනිකව බසෙ එකේ ප්‍රථමාධාර පෙට්ටිය ගෙනැල්ල ඔලුවටත් බෙහෙත් දැම්ම.දැන් කට්ටිය ඔෆිස් පොර දිහායි කෙල්ල දිහායි කන්න වගේ බලාගෙන ඉන්නවා.
ඒ අසරන සොල්දාදුව කතා කරන්න ගත්තා."මහත්තය අර අම්මට ශීට් එක දුන්නනම් මෙහෙම වෙන්නෙ නෑ නෙ .මගේ මේ කකුල ඔයාගෙ ඇගේ ගෑ වෙනව මට තෙරුනේ නෑ නංගි.වැරද්දක් උනානම් මට සමාවෙන්න .අපි වගේ අය ඔයාලට ලොකු කරදරයක් කියල මම දන්නවා." මිනිහ කියගෙන යනකොට මගේ විතරක් නෙවෙයි බස් එකේ වටවෙල ඉදපු හැමෝගෙම ඇස්වලට කඳුලු අවා.කොහොම හරි ඊලඟ හෝල්ට් එකෙන් ඒ උතුම් සොල්දාදුවා බැස්සා.එදායින් පස්සෙ ඒ ඔෆිස් බස් එකේනම් එහෙම දෙයක් උනේ නෑ.මොකද ඒකෙන් ඔෆිස් ගොයියො ටික පාඩමක් ඉගෙනගෙනද කොහෙද වැඩිහිටි කෙනෙක් අම්ම කෙනෙක් නැග්ගම ශීට් එකක් දේන්න පුරුදු වෙලා.
කොහොම උනත් මේ වගේ සිද්දි අද කාලෙ සුලබව සිද්ද වෙනවා.මම කියන්නෙ අපේ කොල්ලන්ට සිංහයො වෙන්න කලින් වැරද්ද කරපු කෙනා ගැනත් හොයලා බලන්න අනික බොරුවට කෙල්ලො ඉස්සරහ සිංහයො වෙන්නත් එපා.
_________________________________________________________________________________
ඔයාලත් මේක කියවලා කමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා.
Subscribe to:
Post Comments (Atom)
මේක මේ ඇත්තටම ඔයාටම වෙච්ච දෙයක්ද???මමත් මේ කතාවම 4වැනි ඊලාම් යුද්දෙ පටන් ගන්න අවුරුදු 2,3කට කලින් ඉරිදා ල0කාදීප පත්තරේ ඇසුවෙමි දුටුවෙමි තීරුවෙ කියවල තීනො.හැබැයි ඒකෙ බඩදරු අම්මා කෙනෙක් බස් එකට නගින්නෙ නෑ.ඉතිරි හරිය 100% සමානයි.මම මේක කියවපු කාලෙ ඔයා AL කරන්න හිතලවත් නෑ.මම හරියටම එහෙම කියන්නෙ මාත් ගාල්ලෙ,මාත් ඔයාගෙ වයසෙ නිසා.මම බ්ලොග් කියවන්නෙ සෑහෙන කාලෙක ඉදන්,නමුත් කමෙන්ට් කරන්න කම්මැලි.මේ සිද්දිය කලින් අහල තිබ්බ නිසාත් ගාල්ලෙ එකෙක් නිසාත් කමෙන්ට් කරන්න හිතුන.අව0කව මේ දේ කරනවනම් චිරාත් කාලයක් බ්ලොග් කිරීමට මගෙන් සුභ පැතුම්
ReplyDeleteමල්ලි... මං ඔය කතාව ගැන ගොඩාක් දේවල් දන්නවා. ඒත් මල්ලි.. අපේ රටෙි මිනිස්සු මුල අමතක කරලා දැන් ගොඩාක් කල්. සමහර විට මං මෙි කියන දේට මට ඔින තරමි බනිවි. මොකද මම ඔය යුද්දේ අස්සේ ඔින තරමි කරක් ගැහුව කෙනෙක්. තුවක්කුවක් අතේ නොතිබිබට පෑනේ බලයෙන් එදා අපේ රණවිරුවෝ කරපු වීරකමි ගැන මෙි රටෙි විතරක් නෙමෙයි පිට දේශවල් වල ඉන්න අයට කියවන්න අවස්ථාව අපි එදා ඉෂ්ඨ කරලා දුන්නා. 2008 අවුරුද්දේ අද වගේ දවසක මම හිටියේ මුලතිවි දිස්ත්‍රික්කයේ කොකාවිල් කියන හමුදා කදවුරේ. අද ඔයාලා යාපනයේ යනකොට ඒ-9 පාරේ අයිනේ විරාජමානව තියෙන කෝකාවිල් විදුලි සංදේශන කුළුන එදා බිමට වැටිලා තිබිබෙි. ඔතන තියෙනවා කොටි හදපු භුගත බංකර් එකක් පවා. එදා ඔතනදි මමත් එක්ක හිටපු 20-30ක විතර කටිටියක් හිටියා පැය ගාණක් වැස්සේ තෙමි...තෙමි. ඒ වෙනකොට අපේ හමුදාවෙි කොල්ලෝ දවස් 3ක් එකදිගට කොටි එක්ක ගහ ගන්නවා වැස්ස නොතකාගෙන. උන්ගේ යුනිෆෝමි ඇගටම ඇලිලා. එත් අපේ රණවිරුවෝ එදා කොටි පරද්දලා ඒ-9 පාරෙන් එහා පැත්ත අල්ලා ගත්ත වෙිලාවෙි ඒ අයගේ හිතේ තිබිබ සතුට මට අද වගේ මතකයි. ඔය ඇටැක් එකේදි තුවාල වුනු එක හමුදා සාමාජිකයෙක් හිටියා. එයාගේ ඔලුවට මෝටාර් කැල්ලක් වැදිලා. සාමාන්‍යයෙන් එහෙම තුවාල උනු කෙනෙක්ව ඉක්මනට පිටි පස්සට යවනවා බෙහෙත් කරන්න කියලා. ඒත් මෙි සොල්දාදුවා බැන්ඩෙිජ් පටියකින් තුවාලේ වෙලාගෙන ආපහු යන්න හදනවා ඉදිරි ආරක්ෂක කලාපයට එක කොටියෙක් හරි මරලා දාන්න ඔින කියාගෙන. එහෙම කැපවීිමි කරපු කොල්ලෝ කීදෙනෙක් අද අබිබගාත වෙලා ඉන්නවද?
ReplyDeleteඑහෙවි රට වෙනුවෙන් කැප වෙචිච එවුන්ට ඔය වගේ අසීක්කීත වැඩ කරන එවුන් දැක්කොත් අහපං මල්ලි බය නොවි අයියේ... උඹලා අද සැපෙන් ඉන්නේ මෙි වගේ එවුන් පුජා කරපු අත්, පය, ජිවීිත වලට පිං සිද්ධ වෙන්න කියලා...
ජයවෙිවා මල්ලි....!!!!