Monday, June 18, 2012

ඩෙනිම සහ ගැහැනු ලමයකුගේ සුන්දරත්වය.



ටිකක් විතර අමුතු මතෘකාවක් වගේ නේද?ඒ වුනත් අද මේක ගැන කතා කල යුතුම වන නිසා මම මේ ඔස්සේ ලියනවා.

ගැහැනු ලමයකු යනු ස්වභාවයෙන්ම සුන්දර වූ වස්තුවක් කියලා කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.නමුත් ඒ සුන්දරකම වඩාත් ඔප නංවන්නත් යාමේදී ගැහැනු ලමයා අවසානයේ නතර වන්නේ කොතැනද කියන එක අද විශාල ගැටලුව වී තිබෙනවා.

මෙය ගැටලුවක් වී ඇත්තේ ශ්‍රි  ලංකාව වැනි තවමත් සභ්‍යත්වය පවතින රටක එම සභ්‍යත්වය අභිබවා යාමට වර්තමානයේ ගැහැනු ලමයා ක්‍රියා කිරීමයි.

බටහිර රටවලින් පැමිනෙන විවිධ වූ විලාසිතාවන් අතර අතරමංව සිටින අපේ ගැහැනු ලමයින් තමන්ට අවැසි වන තමන්ට ගැලපෙන විලාසිතාවන් වලට අමතරව ඊට ඔබ්බෙන් වූ විලාසිතාවන් කිරීමට යාමෙන් මෙම තත්වය උද්ගත වී ඇත.

සරල උදාහරණයක් ලෙස අප ඩෙනිම් කලිසම ගතහොත් එය ගැහැනු ලමයකු ඇන්දාට කිසිම වැරැද්දක් නැත.කලිසමක් හැදීම යනු වර්තමාන සමාජ තලය තුල කිසිම ජුගුප්සා ජනක දෙයක් හෝ කිසිම ආකාරයෙ පිලිකුල් දෙයන් නොවේ.එමෙන්ම එය හෙලා දැකීම්ට කිසිසේත්ම ඇවැසි වන්නේද නැත.

නමුත් ගැටලුව වී ඇත්තේ ඇය විසින් හැඳිමට තෝරා ගනුලබන විලාසිතාවයි.බොහෝ පියකරු කඳ බඩ ඇති යුවතියන් තම පශ්චාත් භාගය ඔප්නැංවෙන ආකාරයට ඩෙනිම් කලිසම හැඳිමට වැඩි ප්‍රියතාවක් දක්වයි.මෙහීදී ඇය විසින් මූලිකවම බලා පොරොත්තු වන්නේ සියලු දෙනා අතර කැපී පෙනීමයි.ඕනෑම අයෙක් තම විලාසිතාව යොදා ගනු ලබන්නේ තම පෞරුෂත්වය වඩාත් වර්ධනය කර පෙන්වීමටය.සැබවින්ම ගැහැනු ලමුන් එවැනි අධෝභාගය කැපී පෙනෙන අයුරින් කෙරෙන විලාසිතාවන්ට නැඹුරු වන්නේ පිරිමි ලමුන්ගේ ආකර්ෂනය ලබා ගැනීමට බව කාහටත් නිතැතින්ම අවබෝධ වන කරුනකි.

සැබවින්ම එය එසේ සිදුවේද?පිරිමි ලමුන් තුල ඇය පිලිබඳ ඇතිවන්නේ කිනම් සිතුවිල්ලක්ද?සමාන්‍යයෙන්
කොල්ලන් රොත්තක් සිටින ස්ථානයකින් එවැනි ඇඳුමක් ඇඟලූ කෙල්ලෙක් ගියහොත් නිතැතින්ම ඔවුන්ගේ මුවින් පිටවන්නේ "මාර කෑල්ල නේ බං"
"බලපංකො #ක.දෙතහැකි පලු යන්න"
"අඩෝ මේකනං බ*%වක් වගේ .බලපංකෝ ගමන"
ඔවැනි වදන්ය.
මේවා අසා සිටින වැඩිහිටියන්' මුන්ගේ තියන නැහැදිච්චකම' යනාදී වශයෙන් ඔවුන්ට බැන වැදීම සිදුකරයි.
ඇත්තටම ඒ ඔවුන්ගේ වරදක්ද?ඔවුන් එම වදන් පිට කලේ හිතා බැලීමකින් තොරව ක්ශනිකව හිතට පහල වූ අදහස්ය. එම අදහස් පිටකීරීමට ඉවහල් වූයේ ඇගේ විලාසිතාව හා ගමන් විලාශයයි.ඇය විසින් ඔවුන්ගේ සිත් තුල ක්ශනික රාගාන්විත හැඟීම් උපද්දවා තිබේ.එමගි ඇයට සැලසෙන සෙත කුමක්ද?

මෙහි භයංකරම පැත්ත වනුයේ මෙයයි.පිරිමි ලමයකු තුල ඇය පිලබඳ සරාගි හැඟීම් පහල වීමෙන් පසු ඔහු විසින් කුමක් කරයිද?සමහරවිට යම්තරමේ මානසික ආබාදයක් තිබූ අයෙක් නම් ඇය සමග කෙසේ හෝ රමනයේ යෙදීමට තැත් කරනවා නොඅනුමානය.

ඒ කෙසේ වෙතත් ඇයට කොල්ලන් අතර  බ#^වක් කියා ලේබල් වැටීම නම් අනිවාර්ය වේ.එහි තේරුම ඇය වෘත්තීයෙන් ගණිකාවක් වන බව නොව ඇගේ හැසිරීම අනුව නූතන තරුන සමාජය ඇයට එම ලේබලය අලවයි.
මැහි තවත් පැත්තක්ද තිබේ.එනම් ඇතැම්විට් අතමා ලස්සනයි කියා සිතන ලඳුන් තම අධෝ බාගය කැපී පෙනෙන සේ හිරට හැදීම තුලින් සියල්ලන්ටම ඉතාම පිලිකුල් දසුනක් ගෙන එය.ඒ ගැන මා වැඩිපුර කතා කිරීමට යන්නේ නැත.

නමුත් මෙසේ ඩෙනිම් අදිනවා වෙනුවට ගවොම් ,සායවල් වැනිදෑ හදින්නට කිය මා කියන්නේ නැත.මන්දයත් එම හැදුම් හැදීම ගැහැනු ලමුන්ට තරමක් අපහසු වන බැවිනි.නමුත් අද කාලයේ ලංකාව තුල පවතින සමාජ ක්‍රමය තුල තමාට ගැලපෙන පරිදි විලාසිතාවන් තෝරා බේරාගෙන සිදුකීරීම වර්තමන් පරපුරේ ගැහැනු ලමයින් මෙන්ම පිරිමි ලමුන්ද සිදුකල යුතුය.එමෙන්ම පියකරු යුවතියනි ඇදුම යනු ඔබ ඔබ පිලිබදව බාහිර සමාජයට පනිවිඩයක් ලබාදෙන උපාංගයක් සේ සලකන්න. එලෙසම පිරිමි ලමුන්ටද මෙය අදාල වේ.ඒ ගැන පසුවට කතා කරමු.
------------------------------------------------------------------------------------------------------------
අද ටිකක් වෙනස් දෙයක් ගැන ලිව්වෙ.මේ පෝස්ට් එකෙන් ඔබටත් යම් දෙයක් ලබගන්න් හැකිවුනා නම් මා හට ඇති ලොකුම සතුට එයයි.එමෙන්ම මා පරන හණමිටි කාරයකු සේ නොසලකන්න.


image from:http://www.sodahead.com/fun/why-are-jeans-so-popular/question-2484019/?link=ibaf&q=&imgurl=http://3.bp.blogspot.com/-RuJtK5tl30A/TlzYMNDa5YI/AAAAAAAAC40/QjujJSAu99o/s1600/tight%252Bjeans%252B21.jpg





Sunday, June 17, 2012

ගංජා ,බොබ් මාර්ලි සහ නූතන තරුන පරම්පරාව.



මාලි බොබ් මාලි ඔබයි රෙගේ රජු.......
රස්තල ලොව රජ වෙනවා......
බස් එකකට ගොඩවුනොත්, ලොතරැයි කූඩුවක් ලඟට ගියොත් එහෙම නැතිනම් ගෙදර රේඩියෝව ක්‍රියාත්මක කරොත් මෙවනි බබ් මාලි හා ගංජා කොලය සම්බන්ධ සිංදු ඕනෑ තරම් අපිට අහන්න පුලුවනි.

මොකක්ද ඇත්තටම මේ සිංදුවල තේරුම.. එතකොට අද තරුන පරම්පරාව පාට තුනේ කොඩි හැම තැනම අලවාගෙන සිටින්නේ මන්ද?

මම මුලින්ම පටන් ගන්නන් බොබ් මාලි කියන චරිතයෙන්.නෙස්ටා රොබර්ට් මාලි ,1945 පෙබරවාරි 6 වෙනිදා උපත ලබන්නේ ජමෙයිකාවෙදි සුදු ජාතික පියකුට හා කලු ජාතික මවකට දාවයි.නෝර්ව සින්ක්ලෙයා මාලි කියන්නේ බොබ්ගෙ තාත්තා.ජමෙයිකාව යටත් විජිතයක් වෙලා තිබුන කාලෙ රාජකීය මැරීන් සේනාංකෙ කපිතාන් කෙනෙක් විදියට සේවය කලා.

බොබ් මාලිගෙ ගොඩාක් ගීත වලින් කියවෙන්නෙ අහිංසක දුප්පත් ජනතාවගෙ ජීවන තත්වය හා ඔවුන් විඳින දුක් ගැහැට ගැනයි.ඔබ නියමාකරව ඔහුගේ "I Shot the Sheriff", "No Woman, No Cry", "Get Up Stand Up",යන ගීතයන්ට සවන් දුන හොත් ඔබට ඒ ගැන හොඳින් අවබෝද වේවි.තවද ඔහු ආදර ගැනත් ගීත ගායනා කරා.මුලින්ම රේගේ සංගීතය ලොවට හදුන්වා දීමේ ගෞරවයත් හිමිවන්නේ ඔහුටයි.

බොබ් මලිගේ "one love"ගීතයට සවන්දීමේදී ඔබට ඇතිවනුයේ කුමන ආකාරයේ හැඟිමක්ද? එහි හරය ගත් කල සියලම මනුශ්යන් එකහා සමානව එකට වාසය කල යුතුබව ඔහු කියයි .එමෙන්ම එහි සංගීත තනුව ගත් කල එහීදී ශ්‍රාවකයාට ගීතය අසා සිටීමට අසා හිතෙන ආකාරයට ඔහු තනුව යොදා ඇත.ඔහු විසින ගායනා කරන ලද අනෙකුත් සියලුම ගීත වල මේ ආකරයට සාමාන්‍ය මිනිසකුට රසවිදීමට හැකි අයුරින් පද සහ තනු නිමවා ඇත.

ඒ මා සඳහන් කලේ බොබ් මාලි කියන චරිතයේ හොද පැත්ත හා ඔහු විසින් සමාජයට සැපයූ ආදර්ශයයි.නමුත් නිව්ටන්ගේ 3 වන නියමය පරිදි මිනිසකුගේද හොද පැත්තක් මෙන්ම අඳුරු පැත්තක්ද පවතී.
බොබ් මාලි සතු වූ දුර්වලතාවය නම් ඔහු ගංජා පනයට ඇබ්බහි වී සිටීමයි.කෙතරම් සමාජ සේවය කලත් ඔහු හැදීවැඩුන ජමෙයිකානු පරිසරය තුල මත් රකුසාට බිලි නොවී සිටීමට ඔහුටද නොහැකි විය.ඔහු කෙතරම් එයට ඇබ්බැහි උනාද කිව්වොහොත් අවසානයේදී ඔහුට ගංජා පානයට නීත්‍යානූකූල අවසරය පවා ලැබිණි.එහෙත් අවසානයේදී එම මත් රකුසාම ඔහුව ජීවිතයෙන් ඩැහැගෙන යන්නට සමත් විය.ඒ 1981 දීය.ඒ වනවිට බොබ්ගේ වයස අවුරුදු 36ක් තරම් විය.

බොබ් මාලි වැනි අසහාය කලා කරුවකු මේ ලෝක තලයට අහිමි කල ඒ මත් උවදුරම අද ඔහුව යොදාගෙන තම ප්‍රචාරනය සිදුකරමින් පැවතිම ඉතාමත් කනගාටු දායකය.

ගංජා ,මාර්ජුවානා,Cannabis,...තවත් විවිධ නම් වලින් හදුන්වන මේ මත් රකුසා එදා මෙන්ම අදත් ලෝකයේ තරුන පරම්පරාව බිලිගනිමින් පවතී.කොලයේ සිට මුල දක්වාම භාවිතයට ගතහැකි මෙය අපේ පැරැන්නෝ ඖෂධයක් වශයෙන් භාවිතා කලහ. අතිතයෙ කංසා නමින්ද හදුන්වා ඇත්තේ මෙයයි.

වර්තමානයේ තරුන පරපුර ගංජා කොලය,බොබ් මාලි රුව,පාට තුනේ කොඩිය වැනිදේ  තම පොරත්වය හුවා දැක්වීමට භාවිතා කිරීම සුලභ දසුනක් වී හමරය.බොබ් මාලිගේ එකදු ගීතයක් වත් අසා නැති එවුන් බොබ් මාලිගේ රුව පච්චයක් විලසින් තම සිරුරේ කොටාගෙන සිටී.තවත් සමහරු බොබ් විසින් භාවිතා කල අකාරයේ හිස්වැසුම භාවිතා කරති.එමෙන්ම බොබ්ගේ රුව සමඟ ගංජා කොලයද එකට ඈදා ගෙන සිටී.

හුදු යථාර්තය මෙය වුවත් මෙය කවුරුන් විසන් පටන් ගත්තාද කොතනින් ඉවර වේවිද යන්න තවම කාටවත් නොතේරෙයි.මේ ලොකයේ නරක දේ පැතිරීම ඉතා වේගයෙන් සිදු වූ වත් ඒ දේම සිදුකල තැනැත්තා ලොවට කියා දීමට උත්සාහ කල හොද දේ පැතිරිම සිදුවනූයේ ඉබි ගමනිනි.

කෙදිනකවත් බොබ් මාලි කොල්ලන්ට ගංජා ගසන්නට කියා කියා නැත.නමුත් මනුස්සකම ගැන කියවෙන ගීතයේ ඇති වීඩියෝවේ ඇති ගංජා බොන දර්ශනයෙන් ඔහු නොකියා එහි රස ලොවට කීවාද කියා සැකයක් පවති.කෙසේ වුවත් බොබ් මාලි ලෝකයට කීවේ හොඳ පනිඩයක්ය.එහෙත් අද බොබ් මාලි අනුගාමිකයන්ගෙන් 99.9%ක්ම කරනුයේ ඔහු කල එක් වැරදි දෙයක් හරි දෙයක් ලෙස හුවා දක්වාගෙන කටයුතු කිරීමයි.

අවසානයේදි මා හට කීමට ඇත්තේ එදා ගංජා බී බොබ් මාලිට සිදුවූ දෙය ඔබට සිදු නොවි සිටීමට ඔබ දෙවියකු හෝ එවැනි බලවතකු නොවන බවය.
----------------------------------------------------------------------------------------------------------------
ඔන්න මගේ මුල්ම විචාරය.ලියන්න තව ගොඩක් තිබ්බට කරුනු එක් රැස්කිරීමෙ ගැටලු නිසා මෙතනින් නැවැත්තුවා.අඩුපාඩු ගොඩක් ඇති.එව්වා බලලා යටින් ලියල යන්න.

Sunday, June 10, 2012

අම්මා


අම්මා....

මේ අකුරුතුනෙන් කියවෙන වචනය ගැන මේ ලෝකෙ උපදින හැමෝම දන්නවා.බොහොමයක් දෙනෙක් ඒ අම්මා කියන උතුම් වූ කාන්තාවගේ උනුහුම ,ආදරය.කරුණාව විඳල තියනවා.ඒත් සියයට එකක් දෙකක් පමණ වූවන්ට ඒ අම්මා කියන උත්තමාවියගේ පහස අහිමි වෙලා තියනවා.
එහෙම උනේ කාගෙ වරදින්ද?
ඔබේ අදහස යටින් ලියල යන්න.

image from:http://tarbeyah.wordpress.com/2012/01/21/mother-love-of-the-sufis/

Saturday, June 9, 2012

කෙටිම කෙටි කතාවක්



කොල්ලාගේ ගම හම්බන්තොටය.කෙල්ල හික්කඩුවේය.දෙන්නා මුලින්ම හමුවුනේ කොල්ලාගේ සොයුරාගේ වෙඩිමේදීය.දෙදෙනා ගොඩාක් ආදරයෙන් සිටියහුය.ඒත් අවාසනාවක මහත කොල්ලා හදිසියේම රිය අනතුරකට භාජනය වූවේය.
මාස 3ක් කරාපිටියේ සිටිමෙන් අනතුරුව ගෙදරට පැමිණියේ කකුල් 2ම නැති කොල්ලෙක්ය......
මේ අතර කෙල්ලගේ ගෙදරින් කෙල්ලට වෙනිං කසාදයක් කරදීමට සියලු කටයුතු සම්පාදනය කර හමාරය....
කෙල්ල කුමක් කරයිද???
ඔබේ අදහස් පල කරන්න.

කතාවෙ ඉතිරිය ඉදිරියට....


Saturday, February 4, 2012

අහිමියි ඔබ මට



ආදරය....
එතන තියෙන්නෙ අකුරු හතරක් උනාට ඒ ඇතුලෙ කොයි තරම්නම් දේවල් තියනවද?....
ඊයේ හවස වෙනකම් මමත් බොක්කෙන්ම ආදරය කරපු ආදර වන්තයෙක් තමයි.ඒත් .....  ඒත් දැන්......
මටම තෙරුම් ගන්න බෑ මොකක්ද සිද්ද උනේ කියලා.අවුරුදු ගානක් තිස්සෙ ගොඩනගාගෙන ආපු ඒ ආදර පවුර විනාඩි කීපයක් ඇතුලත ලොකු භුමි කම්පාවකට අහුවෙලා සුනු විසුනු වෙලා ගිහිල්ලා.

මමත් දැන් ප්‍රේමයෙන් පැරදුන තවත් එක නිකම්ම නිකන් කොල්ලෙක් විතරයි.හිතට දැනෙන දුක නිවන්න ගල් බෝතල් සීයක් බිව්වත් බැරිවෙයි.මගේ මුලු ජීවිතේම හොරු  අරන් ගිහිල්ලා.....
යාලුවොනම් කියනවා "මූදෙ ඉන්නෙ එක මාලුවද බන්? තව එකක් උඹට නිකන්ම සෙට් වෙයි කියලා"
ඒත් දෙයියනේ මගේ හිතේ තියෙන වේදනාව උන්ට තේරෙන්නේ නෑනේ.ඒක තේරුම් ගන්න බූට් එකක් කාලම බලන්න ඕනෙ.

අපි අපේ කියලා පුන්චි ලෝකයක් ගැන කොයි තරම් නම් හීන මැව්වද?ඒත් ...... ඒත් අද ඔයා ඒ සේරම විනාශ කරල දැම්මා නේද?

අපේ ලස්සන අතීතයේ පුංචි පුංචි සුන්දර සිදුවීම් මතක් වෙනකොට කොහොමද මම හිත හදා ගන්නෙ.මගෙත් එක්ක දුක සැප බෙදාගත්ත ඒ පුන්චි සුරන්ගනාවි මව දාල ගියා කියලා මම කොහොම විස්වාස කරන්නද?මගේ උරයට හේත්තු වෙලා මගේ තුරුලෙ නැලවුන ඒ පුන්චි කෙල්ල අද මා ලග නෑ.

මොනව කරන්නද මගේ දුක කාලයාට බාර දෙනවා.

මගේ පුංචි කෙල්ලේ මම හැමදාමත් ඔයාට ආදරෙයි.





Tuesday, December 20, 2011

අසරණ වූ සොල්දාදුවෙක්



කාලෙකට පස්සෙ ආයෙ බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලබුනා.අද මම ලියන්නෙ මෑතකදී මගේ හිත ගොඩාක් සසල කරපු සිද්දියක්.මේක මට ලියන්න හිතුනෙ ලියන්නාගෙ බ්ලොග් එකේ තිබුන ලිපියක් දැකලා.

මේක උනේ මම A/Lවලට ගාලු පන්ති යන දවස් වල.අපට හැමදාම පන්තිය ඇරෙන්නෙ හවස 4.00ට.ඉතින් හෙමදාම සෙට් වෙන්නෙ ඔෆිස් බස් එක තමයි.ඔයාලට ඉතින් ඔෆිස් බස් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.බස් එකේ හැම ශීට් එකක්ම කලින් බුක් කරපුව තමයි.වැරදිලාවත් වාඩි වුනොත් වාඩිවුනාට වඩා ඉක්මනට නැගිටින්න වෙනවා.

කොහොමහරි මමයි අපේ සෙට් එකයි එදා ඉස්සරහ දොරින් ඇතුලුවෙලා යන්තමට ඉඩක් පදාගෙන පොඩි කයියක් දාගෙන හිටියා.රත්ගම හරියෙන් බස් එකට නැග්ගා ගැබ්බර කාන්තාවක්. ඒ ගෑනුකෙනා බස් එකට නගිනවත් එක්කම බස් එකේ ඉස්සරහ ශීට් වල ඉදපු හුඟදෙනෙක්ට නින්ද යන්න පටන් ගත්තා.සමහරු ලොකු කතාවක්.කවුරුවත් ශීට් එකක් දෙන පාටක් නම් නෑ.බැරිම තැන කොන්දොස්තර මහත්තයා කෑගහල කිව්වා "කවුරුහරි මේ අම්මට ශීට් එකක් දෙන්න කියල." එතකොට ටිකක් පස්සෙන් කෙනෙක් නැගිටලා ශිට් එකක් දුන්නනා අපේ කට්ටිය ඉතින් ඔෆිස් ජනතාවගේ ගුණ වර්නනා කරනවා.

බස් එක ටික දුරක් ඔහොමම අවා.එත් එකපාරටම බස් එකේ මැද හරියෙන් කෙල්ලෙක් තව කාට හරි හයියෙන් බනින සද්දයක් අවා.කෙල්ල සද්දෙටම බනිනවා "තියන වනචරකම.තමුසෙල පිරිමිද ඕයි! අමාරුවක් තියනවනම් වෙනතැනකට යනවා බස් වල ඕව කරන්නෙ නැතුව" ඔය විදියට මහ හයියෙන් බනිනව.මට ක්ශනිකව මීටර් වුනා මොකක් නමුත් මුක්කු ගහපු සීන් එකක් කියලා.බස් එකම දැන් මාර කලබලේ.කෝකටත් කියලා මමත් ඔලුව දාල බැලුවා.දැන් ඒ කෙල්ලගෙ සපෝට් එකට බස් එකේ ආපු ඔෆිස් අයියලත් සෙට්වෙලා."මොකක්ද නංගි ප්‍රශ්නෙ? "කියල ලොක්කො වගේ අහනවා.කෙල්ලත් නිකන් ඒකිව කවුරුහරි දූශනය කරල වගේ "බලන්නකො අය්යේ මේ මිනිහා මගේ අඟේ කකුල ගෑව්වනේ.ඒ මදිවට ම්ගේ අඟටත් බරවෙලා.තියන වනචරකමනේකෙල්ල කියාගෙන යනවා.." වැඩේ කරයි කියන පොරත් බිම බලාගෙන ඉන්නවා.මිනිහ අඬන්න වගේ.මිනිහ නිකන් සොකඩය වගේ හිටපු නිසාද කොහේ අපේ ඔෆිස් අයිය කෙනෙක් පොරවගේ නැගිටල ඇවිල්ලා තොපි වගේ වන්චරයො තමයි අපිව කන්නෙ කියලා සිංහ නාද කරලා එකපාරටම අර මනුස්සයගෙ කොලර් එකෙන් අල්ලලා තල්ලු කරා.මේ වෙනකොට බස් එකෙ ගොඩක්ම සෙනග හිටියෙ නෑ.ඒ මනුස්සය තල්ලු කරපු පාර බැලැන්ස් නැතුව ගිහිල්ල බස් එකේ ඇදගෙන වැටුනා.වැටෙනකොටම මිනිහගෙ ඔලුවයි කකුලයි ශීට් එකක ගොඩක් තදින් වැදුනා.අපටත් කරන දෙයන් නෑ.වැටුන විතරයි අර මනුස්සයා කකුල අල්ලගෙන හුගක් වෙදනාවෙන් කෑගහුවා.කෑගහුව නෙවෙයි මට හිතෙන්නෙ කෑගහුනා වේදනාවට.බස් එකේ කට්ටිය බයවෙලා වගේ බලාගෙන ඉන්නවා.

ඒ අස්සෙ ඔෆිස් අයිය තව හයියෙන් කෑ ගහනවා.මිනිහ ආයෙත් ඒ මිනිහට ගහන්න යනවා.මේ වෙලාවට මටත් නිකන ඉන්න බැරි නිසා අපේ සෙට් එකත් එක්ක බස් එක මැද්දට පැනලා ඔෆිස් කාරයාව අල්ලගත්තා.මොන වැරද්ද කරත් වැටුන මිනහෙක්ට ගහන්න දෙන එක අපිටත් ලැජ්ජයිනේ.මම ක්ශනික පැනලා වටුන කෙනාව අතදීල  නැගිට්ටුවා.මිනිහට නැගිටින්න බෑ.මොනව උනත් මට තව කොල්ලෙකුත් හෙල්ප් කරා වැඩේට.ඒ අස්සෙ අපේ ඔෆිස් අයිය කියනවා."තමුසෙ අබ්බගාතයක්ද ඕයි !තමුසෙලට කරන්න හොඳයි ගුටිකනොකොට හරි අමාරුයි .බොරු කරන්න එපා ඕයි .ඕක ඔය බොරු කරන්නෙ"මිනිහ කියවගෙන යනවා.

අර මනුස්ස්යා වාඩිකරා විතරයි මිනිහගෙ ඇස්වල කඳුලු පිරිලා.මිනිහගෙ මූනෙන් නම් වනචරයෙක්ක් කියල කියන්න බෑ.මිනිහ කලිසම් කකුල නවාගෙන ගියා.එතකොට තමයි මට වැඩේ තේරුනේ.ඒ අය්යගෙ එක කකුලක් නෑ.පව් අසරනයා.බස් එකේ කට්ටියටම කට උත්තර නෑ.කෑ ගහපු පොර කට ඇරගෙන බලා ගෙන ඉන්නවා.ඒ අයිය එයාගෙ බොරු කකුල ගැලෙව්වා.වැටිච්ච පාරට කකුලෙ තුවාලෙ පෑරිලා.ලේ එනවා.මල්ලි මට අර බෑග් එක අරන් දෙනවද?කියල මගෙන් අහුවා.එතකොට තමයි මම පියවි සිහියට ආවෙ.මම බෑග් එක අරන් දුන්නා.එයා බැන්ඩේජ් වගයක් අරගෙන කකුලෙ ඔතා ගත්ත,ඒ මදිවට ඔලුවෙනුත් ලේ එනවා.අපේ කට්ටිය ක්ශනිකව බසෙ එකේ ප්‍රථමාධාර පෙට්ටිය ගෙනැල්ල ඔලුවටත් බෙහෙත් දැම්ම.දැන් කට්ටිය ඔෆිස් පොර දිහායි කෙල්ල දිහායි කන්න වගේ බලාගෙන ඉන්නවා.

ඒ අසරන සොල්දාදුව කතා කරන්න ගත්තා."මහත්තය අර අම්මට ශීට් එක දුන්නනම් මෙහෙම වෙන්නෙ නෑ නෙ .මගේ මේ කකුල ඔයාගෙ  ඇගේ ගෑ වෙනව මට තෙරුනේ නෑ නංගි.වැරද්දක් උනානම් මට සමාවෙන්න .අපි වගේ අය ඔයාලට ලොකු කරදරයක් කියල මම දන්නවා." මිනිහ කියගෙන යනකොට මගේ විතරක් නෙවෙයි බස් එකේ වටවෙල ඉදපු හැමෝගෙම ඇස්වලට කඳුලු අවා.කොහොම හරි ඊලඟ හෝල්ට් එකෙන් ඒ උතුම් සොල්දාදුවා බැස්සා.එදායින් පස්සෙ ඒ ඔෆිස් බස් එකේනම් එහෙම දෙයක් උනේ නෑ.මොකද ඒකෙන් ඔෆිස් ගොයියො ටික පාඩමක් ඉගෙනගෙනද කොහෙද වැඩිහිටි කෙනෙක් අම්ම කෙනෙක් නැග්ගම ශීට් එකක් දේන්න පුරුදු වෙලා.

කොහොම උනත් මේ වගේ සිද්දි අද කාලෙ සුලබව සිද්ද වෙනවා.මම කියන්නෙ අපේ කොල්ලන්ට සිංහයො වෙන්න කලින් වැරද්ද කරපු කෙනා ගැනත් හොයලා බලන්න  අනික බොරුවට කෙල්ලො ඉස්සරහ සිංහයො වෙන්නත් එපා.
_________________________________________________________________________________
ඔයාලත් මේක කියවලා කමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා.

Sunday, December 11, 2011

නයෙක් නයෙක්..නෑ ඌ ගැරඬියෙක්.



අද නම් සතුටුදායක දවසක්. උදේ පාන්දරOdesk එකෙන් ජොබක් කරලා ගානක් කපාගත්තා.ඊට පස්සෙ අම්මත් එක්ක ගාලු පැද්දා අම්මට බෙහෙත් ගේන්න.ඔන්න යන්තම් 12.00 විතර වෙද්දි ගාලු ගිහින් ආවා.ආපු ගමන් නාලා කාලා ගමන් මහන්සිය යන්න කියලා පොඩ්ඩක් ඇලවුනා.මෙන්න බොලේ දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල.

"පුතේ පුතේ ඉකමනට මෙහෙට එන්න" තාත්තාගේ කෑගැහිල්ලට මම උඩගිහින් ඇහරුනා.මොකද බොල මේ කවදාවත් නැතුව තාත්තා කෑගන්නෙ.සද්දෙනම් ඇහුනේ කුස්සිය පැත්තෙන්.මමත් දඩි බිඩි ගාලා නැගිටල ඒ පැත්තට ගියා.යනකොයට තත්තා චිමිනිය යට දර දාන කෑල්ල අවුස්සනවා.මේ මොකද බොල මේ "මොකො තත්තේ කෑ ගැහුවෙ මොකක්ද වෙලා තියෙන්න" මම ඇහුවා."මේක ඇතුලෙ නයෙක්ද කොහෙ ඉන්නවා.මම දර ගන්නකොට මගේ අතේ ගෑවුනා" තාත්තා එහෙම කියනකොට මට ඉබේටම වගේ කෙලපාරක් ගැහුනා.අපේ ගෙදර චිමිනිය තියෙන්නෙ එලියෙන් නිසා ඒකට ඕනෑම සතෙකුට එන්න පුලුවන. අනික ඒකෙ දර  විතරක් නම් මැදැයි එක එක ලට්ට ලොට්ට පුරවලා.ඒ අස්සෙ අම්මා කොහෙන්ද මන්දා ටෝච් එකකුත් ගෙනාවා.චිමිනිය ඇතුලෙ කලුවර කපාගෙන යන්න ඒ එලිය ඇතිවුනා.

"පුතේ ඔය පැත්තෙන් ටෝච් එක අලන්න මම මේ අස්කරන්නම්" තත්තා මට නියෝගය ලබා දුන්නා.මමත් බැහැයි නොකියා බැරි නිසා ඒ වැඩේ බාර ගත්තා.මොනවා උනත් අපේ තාත්තා සත්ව ගාතනයට ලැදි කෙනෙක් නම් නෙවෙයි.වැසි දවසකට ගේ අතුලට එන ගෝනුස්සන් පොල කට්ටකට අරගෙන ගිහිල්ල ඈතට විසි කරන තාත්තා විශ සර්පයෙක් දැක්කොත් නම් අතාරින්නේ නැත.

කොහොමහරි ඔන්න මම දැන් ටෝච් එක අල්ලගෙන බලා ගෙන ඉන්නවා තාත්තා එහා පැත්තෙන් අස්කරනවා.ටිකවෙලාවක් යනකොයට මට පේන්න ගත්තා ටිකක් මහත සර්පයෙකුගෙ නැට්ට කෑල්ලක්.මම හනික තාත්තාට කිව්ව.ඒ පර තාත්තා කෝකටත් කියල පොලු කෑල්ලක් අතට ගත්තා.මම නම් ඉස්සෙල්ල ඉඳලම සුදානම් සරීරෙට කියල පොල්ලක් ලන්කරගෙන හිටියේ.

තාත්තා දැන් අනික් පැත්තෙන් අවුස්සනවා ඔන දැන් මට සර්පයාගේ කඳ කොටස පේන්න ගත්තා.මූ නම් සෑහෙන දිග පාටයි මම මටම කියා ගත්තා.සර්පයාට අනතුරේ ඉව වැටිලද කොහෙද ඌ තවත් අස්සට ඇදෙනවා.මම තාත්තාට කතා කරා.මට පේන විදියටනම් තාත්තෙ මූ නයෙක් වෙන්න බෑ.මම කිව්වා.කෝ බලන්න කියල තාත්තත් ටෝච් එක ගහලා හොඳට ලන්වෙලා බැලුවා.හෑබෑ නේන්නම් මූ මේ ගැරඬියෙක්නේ.තත්තා කිව්ව.

හුටා බැලින්නම් අපි මේ බයවෙලා තියෙන්නෙ ඟැරඬියෙකුටනෙ.තාත්තා හිනා වෙවී කියනවා.ඒ පාර ඉතින් චාරිත්‍රනූකූලව අපේ අම්ම ලම්පුතෙල් බෝතල ගෙනත් දුන්නා ගැරඩියාට සන්ග්‍රහ කරන්න.මම කොහොමත් ඒ කට ඇකමැති නිසා එතනින් ඉවත් වෙලා ගියා.

අයෙත් ටික වෙලාවක් යනකොට තාත්තා මට ආයෙත් කතාකරනවා.මේ පාරනම් මට මලම පැන්න .අයි යකෝ මට නිවාඩු දවසෙවත් ඉන්න දෙන්නෙ නෑනෙ."ඒ පාර මොකෙක්ද පොලඟෙක්ද " මම තරහින් ඒ පැත්තට ගියා."හරි වැඩේනෙ පුතේ ඟැරඩියා ලිඳට වැටුනනේ" හුටා ! මට නිකම්ම කියවුනා.දැන් ඉතින් ගැරඬි rescue මිෂන් එකක් දීපන්කො.ඒකනම් මැදැයි ලිඳත් ඉහපන්කො.කොරේ පිටට මරේ කිව්වලු.කොහොමහරි ඟැරඬියා නම් අයින් කරල දැම්මා.රන්ග අය්යගෙ මෝටරේට පින්සිද්ද වෙන්න ලිඳත් හිස් කරගත්තා."අහිසක සතෙක්ට පාඩුවෙ ඉන්න දුන්නැති උනහම අපට වෙන විපාක පේනවනේ."
වැඩේ ඉවරවෙලා මම අපේ අමටයි තත්තටයි කිව්වා.හප්පේ ලස්සනට පටන් ගත්ත දවස අන්තිමට අමුචාටර් එකක් කාලා ඉවර වුනා.අර මෝටරේ නැත්තම් මම තාම ලිඳ ඉහිනවා.

මම ඔයගොල්ලන්ට කියන්නේ අපේ ගෙදර වගේ එක එක ලට්ට ලොට්ට ගේ පිලිකන්නෙ දාන්න නම් එපා.එහෙම උනහම කරදරෙත් අපටමයි.ඔන්න ලියල ඉවරයි.හුටා මේකට අද වෙච්ච දෙයක් කියලා කියන්න බෑනෙ.දැන් වෙලව 12 පහුවෙලනෙ.එහෙනම් ගුඩ් බායි....