Tuesday, December 20, 2011

අසරණ වූ සොල්දාදුවෙක්



කාලෙකට පස්සෙ ආයෙ බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලබුනා.අද මම ලියන්නෙ මෑතකදී මගේ හිත ගොඩාක් සසල කරපු සිද්දියක්.මේක මට ලියන්න හිතුනෙ ලියන්නාගෙ බ්ලොග් එකේ තිබුන ලිපියක් දැකලා.

මේක උනේ මම A/Lවලට ගාලු පන්ති යන දවස් වල.අපට හැමදාම පන්තිය ඇරෙන්නෙ හවස 4.00ට.ඉතින් හෙමදාම සෙට් වෙන්නෙ ඔෆිස් බස් එක තමයි.ඔයාලට ඉතින් ඔෆිස් බස් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.බස් එකේ හැම ශීට් එකක්ම කලින් බුක් කරපුව තමයි.වැරදිලාවත් වාඩි වුනොත් වාඩිවුනාට වඩා ඉක්මනට නැගිටින්න වෙනවා.

කොහොමහරි මමයි අපේ සෙට් එකයි එදා ඉස්සරහ දොරින් ඇතුලුවෙලා යන්තමට ඉඩක් පදාගෙන පොඩි කයියක් දාගෙන හිටියා.රත්ගම හරියෙන් බස් එකට නැග්ගා ගැබ්බර කාන්තාවක්. ඒ ගෑනුකෙනා බස් එකට නගිනවත් එක්කම බස් එකේ ඉස්සරහ ශීට් වල ඉදපු හුඟදෙනෙක්ට නින්ද යන්න පටන් ගත්තා.සමහරු ලොකු කතාවක්.කවුරුවත් ශීට් එකක් දෙන පාටක් නම් නෑ.බැරිම තැන කොන්දොස්තර මහත්තයා කෑගහල කිව්වා "කවුරුහරි මේ අම්මට ශීට් එකක් දෙන්න කියල." එතකොට ටිකක් පස්සෙන් කෙනෙක් නැගිටලා ශිට් එකක් දුන්නනා අපේ කට්ටිය ඉතින් ඔෆිස් ජනතාවගේ ගුණ වර්නනා කරනවා.

බස් එක ටික දුරක් ඔහොමම අවා.එත් එකපාරටම බස් එකේ මැද හරියෙන් කෙල්ලෙක් තව කාට හරි හයියෙන් බනින සද්දයක් අවා.කෙල්ල සද්දෙටම බනිනවා "තියන වනචරකම.තමුසෙල පිරිමිද ඕයි! අමාරුවක් තියනවනම් වෙනතැනකට යනවා බස් වල ඕව කරන්නෙ නැතුව" ඔය විදියට මහ හයියෙන් බනිනව.මට ක්ශනිකව මීටර් වුනා මොකක් නමුත් මුක්කු ගහපු සීන් එකක් කියලා.බස් එකම දැන් මාර කලබලේ.කෝකටත් කියලා මමත් ඔලුව දාල බැලුවා.දැන් ඒ කෙල්ලගෙ සපෝට් එකට බස් එකේ ආපු ඔෆිස් අයියලත් සෙට්වෙලා."මොකක්ද නංගි ප්‍රශ්නෙ? "කියල ලොක්කො වගේ අහනවා.කෙල්ලත් නිකන් ඒකිව කවුරුහරි දූශනය කරල වගේ "බලන්නකො අය්යේ මේ මිනිහා මගේ අඟේ කකුල ගෑව්වනේ.ඒ මදිවට ම්ගේ අඟටත් බරවෙලා.තියන වනචරකමනේකෙල්ල කියාගෙන යනවා.." වැඩේ කරයි කියන පොරත් බිම බලාගෙන ඉන්නවා.මිනිහ අඬන්න වගේ.මිනිහ නිකන් සොකඩය වගේ හිටපු නිසාද කොහේ අපේ ඔෆිස් අයිය කෙනෙක් පොරවගේ නැගිටල ඇවිල්ලා තොපි වගේ වන්චරයො තමයි අපිව කන්නෙ කියලා සිංහ නාද කරලා එකපාරටම අර මනුස්සයගෙ කොලර් එකෙන් අල්ලලා තල්ලු කරා.මේ වෙනකොට බස් එකෙ ගොඩක්ම සෙනග හිටියෙ නෑ.ඒ මනුස්සය තල්ලු කරපු පාර බැලැන්ස් නැතුව ගිහිල්ල බස් එකේ ඇදගෙන වැටුනා.වැටෙනකොටම මිනිහගෙ ඔලුවයි කකුලයි ශීට් එකක ගොඩක් තදින් වැදුනා.අපටත් කරන දෙයන් නෑ.වැටුන විතරයි අර මනුස්සයා කකුල අල්ලගෙන හුගක් වෙදනාවෙන් කෑගහුවා.කෑගහුව නෙවෙයි මට හිතෙන්නෙ කෑගහුනා වේදනාවට.බස් එකේ කට්ටිය බයවෙලා වගේ බලාගෙන ඉන්නවා.

ඒ අස්සෙ ඔෆිස් අයිය තව හයියෙන් කෑ ගහනවා.මිනිහ ආයෙත් ඒ මිනිහට ගහන්න යනවා.මේ වෙලාවට මටත් නිකන ඉන්න බැරි නිසා අපේ සෙට් එකත් එක්ක බස් එක මැද්දට පැනලා ඔෆිස් කාරයාව අල්ලගත්තා.මොන වැරද්ද කරත් වැටුන මිනහෙක්ට ගහන්න දෙන එක අපිටත් ලැජ්ජයිනේ.මම ක්ශනික පැනලා වටුන කෙනාව අතදීල  නැගිට්ටුවා.මිනිහට නැගිටින්න බෑ.මොනව උනත් මට තව කොල්ලෙකුත් හෙල්ප් කරා වැඩේට.ඒ අස්සෙ අපේ ඔෆිස් අයිය කියනවා."තමුසෙ අබ්බගාතයක්ද ඕයි !තමුසෙලට කරන්න හොඳයි ගුටිකනොකොට හරි අමාරුයි .බොරු කරන්න එපා ඕයි .ඕක ඔය බොරු කරන්නෙ"මිනිහ කියවගෙන යනවා.

අර මනුස්ස්යා වාඩිකරා විතරයි මිනිහගෙ ඇස්වල කඳුලු පිරිලා.මිනිහගෙ මූනෙන් නම් වනචරයෙක්ක් කියල කියන්න බෑ.මිනිහ කලිසම් කකුල නවාගෙන ගියා.එතකොට තමයි මට වැඩේ තේරුනේ.ඒ අය්යගෙ එක කකුලක් නෑ.පව් අසරනයා.බස් එකේ කට්ටියටම කට උත්තර නෑ.කෑ ගහපු පොර කට ඇරගෙන බලා ගෙන ඉන්නවා.ඒ අයිය එයාගෙ බොරු කකුල ගැලෙව්වා.වැටිච්ච පාරට කකුලෙ තුවාලෙ පෑරිලා.ලේ එනවා.මල්ලි මට අර බෑග් එක අරන් දෙනවද?කියල මගෙන් අහුවා.එතකොට තමයි මම පියවි සිහියට ආවෙ.මම බෑග් එක අරන් දුන්නා.එයා බැන්ඩේජ් වගයක් අරගෙන කකුලෙ ඔතා ගත්ත,ඒ මදිවට ඔලුවෙනුත් ලේ එනවා.අපේ කට්ටිය ක්ශනිකව බසෙ එකේ ප්‍රථමාධාර පෙට්ටිය ගෙනැල්ල ඔලුවටත් බෙහෙත් දැම්ම.දැන් කට්ටිය ඔෆිස් පොර දිහායි කෙල්ල දිහායි කන්න වගේ බලාගෙන ඉන්නවා.

ඒ අසරන සොල්දාදුව කතා කරන්න ගත්තා."මහත්තය අර අම්මට ශීට් එක දුන්නනම් මෙහෙම වෙන්නෙ නෑ නෙ .මගේ මේ කකුල ඔයාගෙ  ඇගේ ගෑ වෙනව මට තෙරුනේ නෑ නංගි.වැරද්දක් උනානම් මට සමාවෙන්න .අපි වගේ අය ඔයාලට ලොකු කරදරයක් කියල මම දන්නවා." මිනිහ කියගෙන යනකොට මගේ විතරක් නෙවෙයි බස් එකේ වටවෙල ඉදපු හැමෝගෙම ඇස්වලට කඳුලු අවා.කොහොම හරි ඊලඟ හෝල්ට් එකෙන් ඒ උතුම් සොල්දාදුවා බැස්සා.එදායින් පස්සෙ ඒ ඔෆිස් බස් එකේනම් එහෙම දෙයක් උනේ නෑ.මොකද ඒකෙන් ඔෆිස් ගොයියො ටික පාඩමක් ඉගෙනගෙනද කොහෙද වැඩිහිටි කෙනෙක් අම්ම කෙනෙක් නැග්ගම ශීට් එකක් දේන්න පුරුදු වෙලා.

කොහොම උනත් මේ වගේ සිද්දි අද කාලෙ සුලබව සිද්ද වෙනවා.මම කියන්නෙ අපේ කොල්ලන්ට සිංහයො වෙන්න කලින් වැරද්ද කරපු කෙනා ගැනත් හොයලා බලන්න  අනික බොරුවට කෙල්ලො ඉස්සරහ සිංහයො වෙන්නත් එපා.
_________________________________________________________________________________
ඔයාලත් මේක කියවලා කමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා.

Sunday, December 11, 2011

නයෙක් නයෙක්..නෑ ඌ ගැරඬියෙක්.



අද නම් සතුටුදායක දවසක්. උදේ පාන්දරOdesk එකෙන් ජොබක් කරලා ගානක් කපාගත්තා.ඊට පස්සෙ අම්මත් එක්ක ගාලු පැද්දා අම්මට බෙහෙත් ගේන්න.ඔන්න යන්තම් 12.00 විතර වෙද්දි ගාලු ගිහින් ආවා.ආපු ගමන් නාලා කාලා ගමන් මහන්සිය යන්න කියලා පොඩ්ඩක් ඇලවුනා.මෙන්න බොලේ දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල.

"පුතේ පුතේ ඉකමනට මෙහෙට එන්න" තාත්තාගේ කෑගැහිල්ලට මම උඩගිහින් ඇහරුනා.මොකද බොල මේ කවදාවත් නැතුව තාත්තා කෑගන්නෙ.සද්දෙනම් ඇහුනේ කුස්සිය පැත්තෙන්.මමත් දඩි බිඩි ගාලා නැගිටල ඒ පැත්තට ගියා.යනකොයට තත්තා චිමිනිය යට දර දාන කෑල්ල අවුස්සනවා.මේ මොකද බොල මේ "මොකො තත්තේ කෑ ගැහුවෙ මොකක්ද වෙලා තියෙන්න" මම ඇහුවා."මේක ඇතුලෙ නයෙක්ද කොහෙ ඉන්නවා.මම දර ගන්නකොට මගේ අතේ ගෑවුනා" තාත්තා එහෙම කියනකොට මට ඉබේටම වගේ කෙලපාරක් ගැහුනා.අපේ ගෙදර චිමිනිය තියෙන්නෙ එලියෙන් නිසා ඒකට ඕනෑම සතෙකුට එන්න පුලුවන. අනික ඒකෙ දර  විතරක් නම් මැදැයි එක එක ලට්ට ලොට්ට පුරවලා.ඒ අස්සෙ අම්මා කොහෙන්ද මන්දා ටෝච් එකකුත් ගෙනාවා.චිමිනිය ඇතුලෙ කලුවර කපාගෙන යන්න ඒ එලිය ඇතිවුනා.

"පුතේ ඔය පැත්තෙන් ටෝච් එක අලන්න මම මේ අස්කරන්නම්" තත්තා මට නියෝගය ලබා දුන්නා.මමත් බැහැයි නොකියා බැරි නිසා ඒ වැඩේ බාර ගත්තා.මොනවා උනත් අපේ තාත්තා සත්ව ගාතනයට ලැදි කෙනෙක් නම් නෙවෙයි.වැසි දවසකට ගේ අතුලට එන ගෝනුස්සන් පොල කට්ටකට අරගෙන ගිහිල්ල ඈතට විසි කරන තාත්තා විශ සර්පයෙක් දැක්කොත් නම් අතාරින්නේ නැත.

කොහොමහරි ඔන්න මම දැන් ටෝච් එක අල්ලගෙන බලා ගෙන ඉන්නවා තාත්තා එහා පැත්තෙන් අස්කරනවා.ටිකවෙලාවක් යනකොයට මට පේන්න ගත්තා ටිකක් මහත සර්පයෙකුගෙ නැට්ට කෑල්ලක්.මම හනික තාත්තාට කිව්ව.ඒ පර තාත්තා කෝකටත් කියල පොලු කෑල්ලක් අතට ගත්තා.මම නම් ඉස්සෙල්ල ඉඳලම සුදානම් සරීරෙට කියල පොල්ලක් ලන්කරගෙන හිටියේ.

තාත්තා දැන් අනික් පැත්තෙන් අවුස්සනවා ඔන දැන් මට සර්පයාගේ කඳ කොටස පේන්න ගත්තා.මූ නම් සෑහෙන දිග පාටයි මම මටම කියා ගත්තා.සර්පයාට අනතුරේ ඉව වැටිලද කොහෙද ඌ තවත් අස්සට ඇදෙනවා.මම තාත්තාට කතා කරා.මට පේන විදියටනම් තාත්තෙ මූ නයෙක් වෙන්න බෑ.මම කිව්වා.කෝ බලන්න කියල තාත්තත් ටෝච් එක ගහලා හොඳට ලන්වෙලා බැලුවා.හෑබෑ නේන්නම් මූ මේ ගැරඬියෙක්නේ.තත්තා කිව්ව.

හුටා බැලින්නම් අපි මේ බයවෙලා තියෙන්නෙ ඟැරඬියෙකුටනෙ.තාත්තා හිනා වෙවී කියනවා.ඒ පාර ඉතින් චාරිත්‍රනූකූලව අපේ අම්ම ලම්පුතෙල් බෝතල ගෙනත් දුන්නා ගැරඩියාට සන්ග්‍රහ කරන්න.මම කොහොමත් ඒ කට ඇකමැති නිසා එතනින් ඉවත් වෙලා ගියා.

අයෙත් ටික වෙලාවක් යනකොට තාත්තා මට ආයෙත් කතාකරනවා.මේ පාරනම් මට මලම පැන්න .අයි යකෝ මට නිවාඩු දවසෙවත් ඉන්න දෙන්නෙ නෑනෙ."ඒ පාර මොකෙක්ද පොලඟෙක්ද " මම තරහින් ඒ පැත්තට ගියා."හරි වැඩේනෙ පුතේ ඟැරඩියා ලිඳට වැටුනනේ" හුටා ! මට නිකම්ම කියවුනා.දැන් ඉතින් ගැරඬි rescue මිෂන් එකක් දීපන්කො.ඒකනම් මැදැයි ලිඳත් ඉහපන්කො.කොරේ පිටට මරේ කිව්වලු.කොහොමහරි ඟැරඬියා නම් අයින් කරල දැම්මා.රන්ග අය්යගෙ මෝටරේට පින්සිද්ද වෙන්න ලිඳත් හිස් කරගත්තා."අහිසක සතෙක්ට පාඩුවෙ ඉන්න දුන්නැති උනහම අපට වෙන විපාක පේනවනේ."
වැඩේ ඉවරවෙලා මම අපේ අමටයි තත්තටයි කිව්වා.හප්පේ ලස්සනට පටන් ගත්ත දවස අන්තිමට අමුචාටර් එකක් කාලා ඉවර වුනා.අර මෝටරේ නැත්තම් මම තාම ලිඳ ඉහිනවා.

මම ඔයගොල්ලන්ට කියන්නේ අපේ ගෙදර වගේ එක එක ලට්ට ලොට්ට ගේ පිලිකන්නෙ දාන්න නම් එපා.එහෙම උනහම කරදරෙත් අපටමයි.ඔන්න ලියල ඉවරයි.හුටා මේකට අද වෙච්ච දෙයක් කියලා කියන්න බෑනෙ.දැන් වෙලව 12 පහුවෙලනෙ.එහෙනම් ගුඩ් බායි....

Saturday, December 10, 2011

ෆේස් බුකියෙන් කතාවක්





එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.

-------------------------------------------------------------------------------------------------------------
මේ ලිපිය මූනූ පොතෙන් උපුටා ගන්න ලද එකකි.ටිකක් ලස්සන කියල හිතුන නිසා මම පොස්ට් එකක් විදියට දැම්ම.මෙහි අයිතියනම් මාගේ නොවේය.

තවත් උපන්දිනයක්



නොනවත්වාම නාද වෙන ජන්ගම දුරකතනයේ ශබ්දයෙන් ඇහැරුනෙමි."හෙලෝ මල්ලි happy birthday" එහා පැත්තෙන් අහුනේ අක්කාගේ කටහඬය.මම මොහොතක් පියවි සිහියට එනකන් සිටියෙමි.අක්කා කියාගෙන යයි "මෙන්න මල්ලි නිසන්සලා අක්කයි,නදීකා අක්කයි තව....." ගොඩක් දෙනෙක් මට සුබ උපන් දිනය කියල සුබපතනව.එහෙනම් මල්ලි මම තියන්නම් බුදුසරණයි" එලෙස අක්කාගේ ඇමතුම අහවර විය.මම නිදිමතේම දුරකතනයෙන් වෙලාව බැලුවෙනි.තාම උදේ 5 වෙලාවත් නැතිය.මුලින්ම මට සුබ පැතුවේ මගේ ආදරනීය අක්කාය. ඇය කොහොමත් මට ගොඩක් ආදරේය.

අද 2011.12.10 වෙනිදා .මීට හරියටම අවුරුදු 21කට කලින් මම මෙලොව එලිය දුටුවෙමි.මම දැන් අවුරුදු 21ක තරුණයෙක්මි.ගතවුන අවුරුදු 21ට මම කොතරම් අපුරු අත්දැකීම් ලබුවෙම්ද.කොයිතරම් මිනිසුන් පිරිසක් මට හමු වුනිද.මම ජීවිතය පටන් ගෙන අදට අවුරුදු21ක් ගත්වී ඇත.

එතන් සිට නොනැවතී එන සුබපතුම් පනිවිඩ හමුවේ මම තවදුරටත් නිදාගැනීමේ අදහස අතහැර දැමීමට සිදුවිය.මගේ මිතුරන් කර්යාලයේ සහෝදර සහෝදරියන් දිගින් දිගටම සුබපැතුම් එවයි.එනමුත් තවම මා බලා පොරොත්තු වූ සුබපැතුම අවේ නැත.වෙලා උදේ 7.12ය.නැවතත් දුරකතනය නාද වේ.ඒ මා බලාපොරොත්තු වු ඇමතුමයි."Happy birthday අය්යේ." එහා පැත්තෙන් මගේ පෙම්වතියගේ සුරතල් කටහඬ ඇසුනි.එයාට මාව මතක් වී තිබෙන්නේ දැන්ය.මම නොමනාපයෙන් ඇය සමග කතා කලෙමි.

අද පෝය දවස නිසා කොල්ලන් සමග කොහේ හෝ යාම මාගේ සාමාන්‍ය සිරිතයි.ඒත් අද ඒකට හිත් දුනේ නැත.
"මල්ලිලා මට හෙට එන්න වෙන්නෙ නෑ.ගෙදරට නෑයො වගයක් එනවා.අවුලක් නෑනෙ"මම ඊයෙ රාත්තිරියේම අදට තිබුන ගමන අවලන්ගු කලෙමි.ඒ මක් නිසාවත් නොවේ.අද දින අප නිවසට දිවා අහාරය සඳහා අපේ මාමලා එන බැවිනි.ඒ සමගම මගේ නෑනාත් එනවා ඇත.කියන්න බැරි වුනානෙ ඉස්සෙල්ල ලියපු කතාව වෙනස් වුනානෙ දැන් මගේ ආදරිය තමයි මගේ නෑනා.ඒ කතාව පස්සෙ කියන්නම්කෝ.ලන්ච් එකට මගේ හිතවත් මිතුරෙකුටත් කතා කරා.දවස ඔහොම ගෙවිලා ගියා.දැන් වෙලාව 9 විතර වෙලා.මට හිතුනා පොඩි පොස්ට් එකක් දාන්න මගේ උපන්දිනේ ගැන .ඔන්න ලියලා ඉවරයි.

Thursday, December 8, 2011

ගුරු උතුමානන් කෙනෙකුට රිද්දපු දා



'සටාස්' සමරනායක සර්ගේ හස්තය එකසිය අසුවට විතර ඇවිදින් මගේ කම්මුල සිපගත්තේය.සර්ගේ මුහුනට මේ වෙලාවෙනම් අබ නෙවෙයි පෙගිච්ච කොත්තමල්ලි දැම්මත් පුපුරන සයිස් එකට අම්බානකට තද වී ඇත. ඇස් දෙකත් රතුවෙලාය.මේ පාර නම් අපේ මදාවි සෙට් එකට ගැලවීමක් නැති පාටය."තොපි.. තොපි.. අද මම තොපිව කම්බස් කරල තමයි නවතින්නෙ. උඹලා ඕන තැනකට පලයල්ලා මගේ රස්සාව නැති වුනත් මම මේ පාර තොපිව මකවල තමයි නවතින්නෙ" සර් වේගයෙන් කිටයාගෙන යයි.සර්ගේ කේන්තිය එක පැත්තකින් බැලුවහම සධාරනය.ඒත් අසරණ අපි......

මේ සිදුවීම වුනේ මම 8 වසරෙ ඉගනන්න කාලෙ.මම කොහොමත් ඒ දවස්වල ටිකක් මදාවි වැඩවලට දක්ෂයි.ඉගෙනගන්නත් බැරි කමක් තිබුනෙ නෑ.ඒත් මම කොල්ලො බජාර් එකත් එක තම්යි වැඩිපුර හිටියේ.මේ සිද්දිය වුනේ අපේ කොල්ලො සෙට් එක අපිට සින්හල උගවන්වපු සර්ට කරපු ගුස්පි වැඩක ප්‍රතිපලයක් විදියට තමා.ඔන්න මම කතාව මුල ඉදලම කියන්නම්කෝ.

අපි 8වසරෙදි අපට සින්හල ඉගැන්නුවෙ සමරනායක කියලා ටිකක් වයසක සර් කෙනෙක්.සර් ඒ දවස්වල අපට සින්හල තිත්ත කරල තිබුනෙ.කවුරුත් දනන්නවනෙ ඒ දවස්වල ඕෆ් පීරියඩ් එකක් කියන්නෙ කොච්චර පිස්සු නටනන්න පුලුවක් වෙලාවක්ද කියලා.ඉතින් අපේ සින්හල සර්ට ඕෆ් පීරියඩ් එකක් පෙන්නන්න බෑ.අපිට ඕෆ් පීරියඩ් එකක් අවෝත් සර් අපේ පන්තියේ,ඒ දවස්වල අපි කිව්වෙ සර්නම් අපේ පන්තියට අරක් ගත්ත බහිරවයෙක්ද කොහේ කියල.කොහොමහරි පිටුපස පේලි නියෝජනය කරන අපටනම් මේක ලොකු වදයක් වෙලයි තිබුනේ.දවසක් ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට මේ සම්බන්දයෙන් මුලින්ම කට ඇරියෙ අපේ සෙට් එකේ ඉදපු හොදම වාචාලය වෙච්චි 'ජයා'.ජයා කියන්නෙ උගේ පෙට් නේම් එක."මචන්ලා හරියන්නෙ නෑ බහිරවයට මොකක්හරි ගේමක් දෙන්න ඕන "
"මොකක් ගැනද බන් උඹ කියන්නෙ මොන බහිරවයෙක්ද" ඔන්න සීමත් හොටදැම්ම.
"උඹ දන්නෙම නෑ උඹ බබානෙ. යකෝ බහිරව කියනෙ අපේ සින්හලයට" ජයා කියවගෙන ගියා.
"ඔව් බන් උඹේ කතාවනම් ඇත්ත මෑන්ස් අපට දැන් බෝල්ට් ඇණයක් වීගෙන එන්නෙ" ඔන්න අඩුපාඩුවට ඇටයත් පෝර දාන්න ගත්තා.මම සයිලන්ස් එකේ මේ ඔකොම අහගෙන හිටියා.ඉදලා ඔන්න අන්තිමට මමත් කතවට පැන්නා.
"හරි උඹල කියපන් මොකක්ද අපිට කරන්න පුලුවන් කියලා."
"මම ලග ක්‍රම තියනවා සර් කාරයාට අපේ පන්තිය දිහා බලාගෙන බත් තියා පාන් වත් කන්න බැරිතරමට අපේ පන්තිය එපා කරන්න පුල්වන්" ජයා කියගෙන යනව.
"කියහන්කො බලන්න මොනවද උඹේ මහ ලොකු ක්‍රම කියලා. හැබැයි පුතෝ රෙද්දෙ යවාගන්නෙ වෙන වැඩනම් මට බෑ" මම කිව්වා."නෑ බන් මේව අත්දුටුවයි මම කෙලින්ම කියනම්කො"
දැන් ජයා උගේ ප්ලෑන් එක කියාගෙන යනවා.ඌ කියන විදියට අපි සර්ගේ පුටුවෙ ඇණ බුරුල් කරල සර්ව පුටුවෙන් වට්ටන්න ඕන.සර් වැටෙන්න ඕන පුටුව යටින් තියන පාට වතුර පුරවපු ෂොපින් බෑග් එක උඩට.මේක කරෝතින් අනිවා අපට ඉස්කෝලෙට අයුබෝවන් කියන වෙන බව මගේ පුන්චි මොලේට ක්ෂනිකව තේරුනා.ඒක නිසා මම ඒකට එකහෙලාම විරුද්ද උනා.මම විතරක් නෙවෙයි අපේ අනිත් එවුනුත් වැඩේට බය උනා.

කොහොමහරි ජයාගෙ මුල් ප්ලෑන් එක ප්‍රතික්ෂේප උනා. ඊලග ප්ලෑන් එක ඉදිරිපත් කරේ මෙච්චර වෙලා කට පියාගෙන හිටපු සින්කියා.
"අපි සර්ගේ පුටුවෙ කකුල් වලට රබර් ඇට තියමු"
"උඹට පිස්සුද බන් ඒව අපේ සීයලගේ කාලෙ කරපුවනෙ. ටිකක් මොඩර්න් විදියට හිතපන්කෝ" ජයා ඒකට උදැල්ල දැම්මා.ඔහොම කොහොමින් කොහොම හරි අපේ කට්ටිය එක එක අදහස් දැම්මත් එකක්වත් කරන්න පුලුවන් ඒව නොවන හින්දා අපි ඒව ඒකමතිකව නිශ්ප්‍රභා කරා.
"අඩෝ මට පරක්කු උනා බන් මම ගෙදර යනවා කියලා සින්කියා එතනින් ගියා" මටත් පරක්කු වෙල තිබුන නිසා ඒ කුප්ප වැඩේඒ පස්සට කල් දාල මමත් බස් එකක එල්ලුනා.

ඔන්න C.T.B බස් එක අපිට පිස්සු කෙලින්න නියම රජදහන.ඒකට සෙට් වෙන්න වෙනම ගැන්සියක් හිටියා.නගරේ තිබුන සියලුම පාසල් නියෝජනය කරන උදවිය අපේ බස් ගැන්සියේ හිටියා.ඔන්න ඉතින් මටත් කටපියාගෙන ඉන්න බැරි නිසා මම අපේ බස් ගැන්සියෙ එවුන්ගෙනුත් ඇහුව සින්හල සර්ට මොනවගේ ගේමක්ද දෙන්න ඕන කියලා.එක එක කට්ටිය විවිධ අයිඩියාස් දැම්මත් මගේ හිතට වැදුනේ අපේ සේනයා දීපු අයිඩියා එක.ඒක කරන්නත් එච්චර අමාරුනෑ.අපිව චාටර් වීමේ සම්භාවිතවත් සෑහෙන අඩුයි.

පහුවෙනිද ඉස්කෝලෙ ගිය හැටියෙම මම අපේ සෙට් එකට යෝජනාව දැම්මා.කස්ටියත් එකපයින් කැමති උනා වැඩේකරන්න. අවශ්ය කලමනනා ටික සප්ලයි කරගන්නත් එක්ච්චර අමාරු නැති නිසා පහුවෙනිදම වැඩේ ක්‍රියාවට නගන්න කස්ටිය කතා උනා.

වැඩේ කරනවයි කිව්වට ඔයාලට අපේ ප්ලෑන් එක මොකක්ද කියලා කිව්වෙ නෑනෙ.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ.මුලින්ම ගුරු පුටුව මාරු කරනවා.අපිට තිබුන පුටුව අලුත් එකක් නිසා ටිකක පරන වැල් කඩුන පුටුවක් ගෙනැල්ල තියනවා.තියලා ඒකෙ වැල් භාගයක් කපනවා.ඒට පස්සෙ පුටුවට යටින් බැලුම් බෝලයක් එල්ලනවා.සර් අවිල්ල පුටුවෙ වාඩි වෙලා පැද්දෙනකොට වැල් කඩාගෙන වැටෙනවා වැටිල සර් පුටුවෙ හිර වෙනවා.ඒ එක්කම බැලුම් එකත් පුපුරලා යනවා.ඔන්න ඕකයි ප්ලෑන.

එදා අපිට සින්හල තිබුනෙ මුල්ම පීරියඩ් එකේ.අපේ කස්ටිය උදේ පාන්දරම ඇවිල්ලා  වැඩේ ගානට සෙට් කරා.කරල ඉවරවෙලා කෝකටත් කියලා මම බැලුම එල්ලන එක අයින් කරා.හරියට වැඩේ ස්වාභාවිකව සිද්දවුන වගේ තේරෙන්න.කොහොමහරි එදා සර් පන්තියට ආවෙ පරක්කු වෙලා.අපේ කස්ටියත් දැන් බලා ගෙන ඉන්න්නවා කොයි වෙලේ ද වැඩේ වෙන්න කියලා.සර් එදා එකහුස්මට පාඩම කියල දුන්නා.සර් පොඩ්ඩකටවත් පුටුවෙ වාඩි වුනේ නෑ.ඉතින් අපිත් වැඩේ ගැන තිබ්බ බලාපොරොත්තු අතෑරල දැම්මා.කොහොමහරි පීරියඩ් එක ඉවරවෙන්න විනඩි 10ට විතර කලින් අපි ප්‍රශ්න වලට උත්තර ලියලිය හිටියා.එකපාරටම 'චරාස් බරාස් සලාන්' කියල මහ සද්දයක් අවෙ නැතැයි.අපි එකපාරටම ගැස්සිල ගියා.

හුටා බැලින්නම් වැඩේ අපි හිතුවට වඩා සෑහෙන්න දුර ගිහිල්ල.මට සර් ඉන හැටි දැක්කම කට උත්තර නැතිව ගියා.වෙලා තියෙන්නෙ අපි හීනෛන් වත් නොහිතපු දෙයක්.
සර්  එකපාරටම පුටුවෙ වාඩි වෙලා තියනවා .සරුත් සෑහෙන්න මහත නිසා වැල් ටිකනම් අඩුවක් නැතිව කඩාගෙන ගිහිල්ල තියනවා.ඒ විතරක්නම් මැදැයි සර්ගෙ බරට පුටුවත් කඩා ගෙන වැටිලා.ඒක කමක් නෑ කියමුකො හොදම වැඩේ කියන්නෙ සර් පුටුව කඩාගෙන වැටෙනකොයට මේස රෙද්ද අල්ලගෙන එකත් එක්ක ඇදිල ගිහිල්ල මේසෙ උඩ තිබුන වතුර පුරවපු මල් පෝච්චිය සර්ගෙ ඇගේ.සර් නාල.කොරේ පිටට මරේ කිව්ව වගේ ඒ අස්සෙ පරන පුටුවෙ තිබුන ඇනේකට සර්ගේ කලිසමත් ඉරිලා.

දැන් අපේ සෙට් එක එකසිය ගානට බයවෙලා මොනවද කාපු රිලව් වගේ කට ඇරගෙන බලා ගෙන ඉන්නවා.ක්ෂනිකව කට්ටිය එතනට පිරුනා සර්ව එත්නින් අරගෙන ගියා.සරුත් හිතුවෙ පුටුව පරන නිසා එයාට මේක උනාකියලා.එකනිසා අපි බේරුනා කියලා අපි හිතාගත්තා.වෙලාවට මම බැලුම ගැලෙව්ව එක ගැන අපේ එවුන් මට දන් ගහහ වැන්දා.

ඒත් අපේ නරක වෙලාවට නිව්ටන්ගේ තුන්වන නියමය සනාත කරමින් අපි කරපු වැඩේ ප්‍රතිපල අපට හම්බ උනා.ඒ සිද්දිය වෙල දවස් දෙකකට විතර පස්සෙ ඕෆ් පීරියඩ් එකක සින්හල සර් අපේ පන්තියට අවා.එදා නම් සර්ගෙ මූඩ් එක එච්චර හොද නෑ කියල මට තේරුනා.සර් පන්තියට කඟවේන වගේ අතුල් වෙලා අපි දිහා මහ යක්ස බැල්මක් දැම්ම.ඊට පස්සෙ අපේ සෙට් එකේ එවුන්ගේ නම් එකින් එක කියන්න පටන් ගත්තා.

වරෙල්ල තොපි ----ගෙ පුත්තු ඉස්සරහට මම තොපිට කියා දෙන්නම් මම කව්ද කියලා.සර් දැන් සින්හ ගර්ජ්නා දානවා.කුම්බලා මලු කෑවානම් විඳවපන් බලලෝ කියල කතාවකුත් තියනවනේ.ඉතින් අපිත් බල්ලො වගේ පන්තිය ඉස්සරහට ගියා.ඊට පස්සෙ තමයි සර් සන්ග්‍රහය පටන් ගත්තෙ.එදානම් මදිනොකියන්න කෑවා.කිසිම විභාගයකින් තොරවම අපි යස අගේට කෑවා.එත් සර්ගෙ තියන මනුස්ස කමට මොන ජඩ වැඩේ කරත් අපිව ප්‍රින්සිපල් ගාවට දැම්මෙ නෑ.එහෙම උනා නම් ඉතින් ගෙදර තමයි.අපිට මාර ලජ්ජාව.මොනව කරන්නද.

පස්සෙ ඉතින් අපි කස්ටියම බුලත් අතකුත් අරගෙන කරපු අලුගුත්තේරු වැඩේට සමාව ගන්න අපේ සර්ලගේ ගෙදර ගියා.එහේ ගියහම තමයි මට තේරුනේ අපි මේ වගෙ බලු වැඩෙක් කරල තියෙන්නෙ මොනතරම් උතුම් මනුස්සයෙකුටද කියල.සර්ගෙ ගෙදර ගිහාම සර් අපිව පිලගත්තෙ එයාගෙම දරුවන් ටිකක් පිලිගන්නව වගේ.අපේ කවුරුවත් එහෙම දෙයක් බලා පොරොත්තු උනේ නෑ.මම එදා සර් ලඟ දන ගහල වැදවැටිල සමාව ඉල්ලුවා.සර් අපට සමාව දුන්නා.සර් එදා කියපු කතාව මට අද වගේ මතකයි.

"දරුවනේ මට උඹලා මගේම දරුවො ගානයි.දරුවො මොන වැරැද්ද කරත් දෙමව්පියන්ට දරුවොත් එක්ක තරහ වෙල ඉන බෑ.මටත් ඒ වගේමයි. මම එදා උඹලට ගැහුවෙ හිතට ආපු අවේගෙට මිසක් උඹලත් එක්ක තරහකට නෙවෙයි.උඹල අකමැතිනම් කියාපල්ල මම පන්තියට නෑවිත් ඉන්නම් ඒත් උඹලා ගොන්නු ටිකක් වෙනව මට බලාගෙන ඉන්න බෑ දරුවනේ" සර් හැඟීම්බරව කියන කොට මට විතරක් නෙවෙයි අපි ඔක්කොටම අඬුනා.

අපි යන කලින් සර්ගෙන් සමාවත් අරගෙන සර්ට කිව්ව අයෙ අපේ පන්තියට නෑවිත් ඉන්න එපා කියලා.ඒ වගේම අයේ කවදාවත්ම කාටවත්ම හිරිහැරයක් කරන්නෙ නෑ කියලත් පොරොන්දු උනා.

එදැයින් පස්සෙ අපේ කට්ටිය සින්හල වලට පුදුම විදියට ආසඋනා.ඕෆ් පීරියඩ් එකක් අවාහම සර්ව හොයගෙන ගිහිල්ල එක්කගෙන එනතරමට අපි උනන්දු උනා.කොහොම හරි ඒ අවුරුද්දෙ පන්ති 6න්ම සින්හල වලට වැඩියෙන්ම ලකුනු තිබුනෙ අපේ සෙට් එකේ එවුන්ට.

ලමයෙක් වරදක් කරාම ඒ වරැද්ද්ට සමවා දෙන අපේ සමරනයක ගුරුඋතුමා වැනි ගුරුතුමන් තවත් මේ ලොකයේ ඉන්නවා.ඒ උත්තමයන්ට මගේ ප්‍රනාමය.සමරනායක ගුරුතුමනි ඔබතුමන් දිගුකල් ජීවත් වේවා!!!

කියන්න බැරි උනා නෙ සර්ට අපි ගැන කියල තියෙන්නෙ අපේ පන්තියෙම කොල්ලෙක්. ඌ සර්ලට දෙන ජාතිය,හැබැ අපි ඌ ට මුකුත් කරේ නෑ.ඌ නරක හිතින් කරත් අපට කරපු ඒ උදව්ව නම් කියනන්න බැරිතරම් වටිනවා.
-----------------------------------------------------------------------------------------------------------
හප්පේ යන්තම් කතාව ලියල ඉවර කරා.දැන් 11ත් පහුයි.අද සතුටු වගේම දුකකුත් එකතුවුන පුදුමාකාර දවසක්.සතුට නම් අද තම්යි මගේ බ්ලොග් එකට මුල්ම කමෙන්ට් එක හම්බ උනේ.ඒක හුගක් මාව දිරිගැන්නුව නිදිමරාගෙන මේ කතාව ලියන්න.දුක තමයි අද මගේ g.f මාත් එක්ක තරහ වෙලා.ඒ දුක තුනී කරගන්නත් එක්ක තමයි මම මේක ලිව්වෙ.එහෙනම් ආයුබෝවන්.තවත් ලස්සන කතාවකින් අපි ආයෙ හම්බ වෙමුකො.මතක ඇතුව කොමෙන්ට් පාරක් එහෙම දාල යන්න හොදේ.

...........................................................................................................................................................

Thursday, December 1, 2011

මගේ බ්ලොග් පටන් ගැනිල්ල

මම ගැන කිව්වොත් මමත් අනිත් කොල්ලො වගේ හිරිමල් වියේ පහුවෙන පොඩි කොලු ගැටයෙක්.මම බ්ලොග් ලියන්න අරගෙන නම් දැනට අවුරුද්දක් විතර වෙනවා.ඒ වුනට ලියන හැම බ්ලොගියක්ම මගදි නවතිනවා.එක්කො ඒ මගෙ නොසලකිල්ලට නැත්ත්ම් මට වැඩ වැඩි හිනද වෙන්නත් ඇති.කොහම උනත්  මම හිතගෙන ඉන්නෙ මේ බ්ලොගිය නම් දිගටම ලියන්න .(හැබැයි මම හිතගෙන හිටිය ගොඩක් දේවල් මට කරන්න බැරි වුනා).

බ්ලොග් ලියන සහෝදර සහෝදරියනුයි බ්ලොග් බලන අයයි මගෙ අඩුපාඩු පෙන්නල දේවි කියල මම හිතනවා.මම මේ බ්ලොගිය ලියන්න හිතට ගත්තෙ අද ඔපීසීයෙදි කියවපු ලස්සන බ්ලොග් එකක් දැකල.
ඒකට නම දල තිබුනෙ හිස් අහස කියල.ඒක ලියන්නෙ සරු කියල පොරක්. ඒ සහෝදරයත් අපේ වයසෙමයි.
ඒ බ්ලොගියට මොකට හිස් අහස කියල දැම්මද මන්දා.ඒකෙ තියන දේවල් මගේ බොක්කටම වැදුනා.
ඉතින් මටත් හිතුනා සඳරු සහෝදරය වගේ මගේ ජීවිත අත්දැකීම් ඔයලත් එක්ක බෙදා ගන්න.ඒක නිසා මම මේ බ්ලොගිය පටන් ගත්තා.කාලෙකට පස්සෙ ලියන නිසා පොඩි පොඩි අවුල් ඇති.ඒවා ගනන් ගන්න එපා.


ඔන්න එහෙනම් මමත් සරුව වගෙ හැමදේම ඔයලත් එක්ක බෙදාගන්නවා. එහෙනම් ආයිබෝවන්.
________________________________________________________________________


ප.ලි:මම අපේ සරු සහෝදරයට සරුව කියල කිව්වෙ අවතක්සේරුඅකට හෙම නම් නෙවෙයි.ඌ මගෙ බොක්කටම වැදෙන්න ලියල තිබුන නිසා මට ඉතුනෙ උ අපේම එකෙක් කියල .කවදහරි සරුවෝ උඹ මේක කියෙව්වොත් මත් එක්ක අමනප වෙන්න නම් එපා!!!.